අර්ජුන් කපූර් තවමත් දුකෙන්
සිය මව මෝනා කපූර් මිය ගොස් වසර හයක් පිරුණ දිනයේ අර්ජුන් කපූර් විසින් තබන ලද සටහනක් සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්රකාශයට පත් වී තිබේ. කියවන්නන්ගේ ඇස්වලට ක`දුළු පිරෙන තරමට ඒ සටහන හැ`ගුම්බරය. අර්ජුන් සහ ඔහු ගේ නැගණිය අන්ශුලා සදහටම තනි කර දමා ඇය මෙලොවින් සමු ගත්තේ 2012 වසරේ මාර්තු 25 දාය. ඇය බිලි ගන්නා ලද්දේ පිළිකාවක් විසිනි.
‘‘අම්මේ මම අද පටියේලාවල ඇලක් ළ`ග ෂූටින් කරන්නෙ.. මේ පරිසරය කොච්චර සුන්දර ද කියලා පෙන්නන්න ඔයාට පින්තූරයක් එවන්න තිබ්බා නම් කියලා මට හිතෙනවා.. මේ වෙනකොට මම චිත්රපටි නවයක් කරලා තියෙනවා.. ඒ එකක්වත් බලන්න රතු පලස උඩින් ඔයාව එක්කරගෙන යන්න වාසනාව මට නැති වුණා. ඒත් අම්මේ.. පහු ගිය අවුරුදු හයේම මගේ සිනමා ගමන වගේම අන්ශුලාගෙ පෞද්ගලික ජිවිත ගමනේ හැම පියවරක්ම අපි තැබුවේ ඔයත් එක්කමයි.. ඔයා උගන්නපු දේවල් ජීවිතයට බද්ධ කරගෙන ඔයාගෙ ප්රතිබිම්බය වෙන එක තමයි අපිට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම උපහාරය.
ඔයා අපිත් එක්කම හිටියා නම් ප්රශ්නයක් එනකොට උත්තර හොයන්න අපිට ඔයා ළ`ගට එන්න තිබ්බා.. ජීවිතයට ශක්තිය ඕන වෙනකොට ඔයා දිහාවේ බලන්න තිබ්බා.. ඔයා නැතුව අවුරුදු හයක් ගෙව්වෙ කොහොමද කියලා අදටත් මට හිතා ගන්න බෑ.. මම ගන්න හැම හුස්මකම හිටියෙ ඔයා.. කොහේ හිටියත් අපිට ඔයාගෙ උණුසුම දෙන්න අම්මා.. අපිට ජීවත් වෙන්න ශක්තිය දෙන්න.. දෙවියන් වහන්සෙත් දන්නවා අපේ ලෝකය හැදිලා තිබුණෙ ඔයාගෙන් කියලා.. අපි හැමදාමත් ඔයාට ආදරෙයි..’’
අර්ජුන් කපූර් එලෙස සටහන් කර තිබිණි.
බොනී කපූර් ගේ පළමු විවාහයේ පළමු දරුවා වන අර්ජුන් කුඩා කල තරබාරු දරුවෙකු වූයේය. එයින් ඔහුට ශාරීරික හා මානසික ගැටළු රැසක් ඇති විණි. කෙසේ වෙතත් මෝනාගේ බලවත් පරිශ්රමය නිසා ඔහුට ඒ තත්වයෙන් මිදිය හැකි වූයේය.
නළුවෙකු ලෙස ක්ෂේත්රයට එක් වෙන්නට පෙර ඔහු කල් හෝ නා හෝ ඇතුළු චිත්රපටි කිහිපයක සහාය අධ්යක්ෂ සහ සහාය නිෂ්පාදක ලෙස කටයුතු කර තිබිණි. ඉෂාක්සාදේ චිත්රපටිය තුළින් අර්ජුන් නළුවෙකු ලෙස දොරට වැඩියේය. එය තිරගත වූයේත් 2012 වසරේදීය. එහෙත් එය නරඹන්නට දෛවය මෝනාට ඉඩ දුන්නේ නැත.
බොනී කපූර් ඔවුන්ගේ කැදැල්ලෙන් සමු ගෙන ශී්ර දේවි සම`ග අලූත් කැදැල්ලකට පියාඹා ගියාට පසුව අර්ජුන්ට ජිවිතය අපායක් සේ දැනෙන්නට විය. එයින් මිදෙන්නට ඔහුට උදව් කළේ අම්මාය. දුකසැප දෙකේදීම නොවෙනස්ව ළ`ග සිටි ඇගේ වියෝව අදටත් ඔහුට පියවා ගන්නට බැරි පාඩුවක් වී ඇත්තේ එම නිසාය.
මේ දිනවල අර්ජුන් පටියේලාවල සිටින්නේ නමස්තේ ඉන්ග්ලන්ඞ් චිත්රපටියේ රූගත කිරීම්වලට සහභාගි වෙමිනි. එහි ප්රධාන නිළිය පරිනීති චොප්රාය.