අර්ජුන් කපූර් ගේ ඩබල් ගේම්
අර්ජුන් කපූර් මුබාරකන් චිත‍්‍රපටියේ රග පාන්නේ ද්විත්ව චරිතයකි. මේ 32 හැවිරිදි නළුවා ඔහුගේ පස් අවුරුදු සිනමා දිවියේදී ද්විත්ව චරිතයක් ර`ග පාන දෙවන අවස්ථාව මෙය වෙයි. ප‍්‍රථම වතාවට ඔහු 2013 දී අවුරන්සෙබ් චිත‍්‍රපටියේ එවන් චරිතයක් ර`ග පෑවේය.
‘‘ඇත්තටම ද්විත්ව චරිතයක් රග පෑම ලේසි දෙයක් නෙමෙයි.. ඒත් ඒක ඕනම නළුවෙකුට හොද අභියෝගයක්.. චරිත දෙකටම අමුතුවෙන් සූදානම් වෙන්න ඕන.. කොමඩි චිත‍්‍රපටියක දිවිත්ව චරිත කරද්දී හුගක්ම අමාරුයි..’’ අර්ජුන් පවසයි.
අනිල් කපූර්, ආතියා ෂෙට්ටි ඇතුළු පිරිසක් ර`ග පාන මුබාරකන් ජූලි 28 වෙනිදා සිට තිර ගත වෙන්නට නියමිතය.