අයේෂාගේ සැත්කම ගැන කතා කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-05-ent-153

පසුගිය කාලයේ විවිධ පුවත් මවන්නියක් වූ බොලිවුඩ් නිළි අයේෂා ටාකියා තමන්ට එල්ල වූ මඩ ප්‍රහාර පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙයි. අයේෂා සිය මුහුණට ප්ලාස්ටික් සැත්කමක් කරගනු ලැබූ බවත්, ඇය බොලිවුඩ් සිනමාවේ තවත් කාලයක් කැපී පෙනීමට මෙවැනි දෙයක් කළ බවටත් පුවත් වාර්තා විය.

ඒ පිළිබඳව ඇය මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ මෙලෙසිනි.

“මමනම් එහෙම දෙයක් කරගත්තෙ නෑ. හැබැයි, මාව සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරක් බවට නම් පත්වෙලා”

අයේෂා එලෙස සඳහන් කරනු ලැබුවේ ඇයගේ මුහුණ විකෘති කරමින් අන්තර්ජාලයේ පළකරනු ලැබූ පුවත් හේතුවෙනි. අයේෂාගේ ඡායාරූප ගත් ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් පවසන්නේ ඔවුන් කිසිදු අවස්ථාවකදී ඇගේ මුහුණෙහි වෙනස්කම් කිරීමට උත්සාහ නොකළ බවයි. ඒ බව තහවුරු කිරීමට අවශ්‍යනම් අධිකරණ වෛද්‍ය විද්‍යාවේ සහාය ලබාදීමට කටයුතු කළ හැකි බවද ඔවුන් පවසා තිබුණි.

 

 2017-07-05-ent-154