අයේෂ්මන්ගේ චිත්‍රපට දෙකම සාර්ථකයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-06-ent-295

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු අයේෂ්මන් කූරාණා රංගනයෙන් දායක වන බොලිවුඩ් චිත්‍රපට දෙකක් මේ දිනවල ඉන්දියාව තුළ අති සාර්ථකව තිරගත වේ. ක්‍රිති ෂැනොන් හා රාජ්කුමාර් රාඕ සමගින් රංගනයෙන් දායක ‘බාර්ලී කි බර්ෆි‘ ඉන් එක් බොලිවුඩ් චිත්‍රපටයක් වන අතර, අනෙක වී ඇත්තේ භූමී ෆෙඩ්නෙකර් සමගින් රංගනයෙන් දායක වන ‘සුබ් මංගල් සාව්ධාන්‘ චිත්‍රපටයයි.

පසුගිය කාලයේ අයේෂ්මන් රංගනයෙන් දායක වූ බොලිවුඩ් චිත්‍රපට එකදිගට අසාර්ථක වූ අතර, ‘බාර්ලි කී බර්ෆි‘ හා ‘සුබ් මංගල් සාව්ධාන්‘ චිත්‍රපට සාර්ථක වීම හරහා නැවතත් සිය සාර්ථකත්වය රඳවා ගන්නට අයේෂ්මන්ට හැකිව තිබේ.

‘බාර්ලි කී බර්ෆි‘ චිත්‍රපටය පසුගිය සති අන්තය වනවිට උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 50ක් වන අතර, එය නිර්මාණය කිරීම සඳහා වැය වී තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 20ක මුදලකි. ‘සුබ් මංගල් සාව්ධාන්‘ චිත්‍රපටයද පසුගිය සති අන්තය වනවිට ඉන්දීය රුපියල් කෝටි 25ක මුදලක් උපයාගන්නට සමත්ව තිබෙන අතර, එය ඉන්දීය රුපියල් කෝටි 10කින් තැනුණ බොලිවුඩ් චිත්‍රපටයකි.