‘අයිෆා’ සම්මාන සඳහා නිර්දේශ
එළැඹෙන ජූලි 14 හා 15 දෙදින තුළ ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි පැවැත්වීමට නියමිත 18 වැනි ජාත්‍යන්තර ඉන්දියන් චිත්‍රපට ඇකඩමි හෙවත් ‘අයිෆා’ සිනමා සම්මාන උළලේ සම්මාන සඳහා යෝජනා වී ඇති නිර්දේශයන් පසුගියදා ප්‍රකාශයට පත් කර තිබුණි.
මේ අනුව වැඩි සම්මාන ප්‍රමාණයක් සඳහා සල්මාන් ඛාන්ගේ ‘සුල්තාන්’, අයිශ්වර්යා, රන්බීර් හා අනුෂ්කා රඟන ‘ඒ දිල් හයි මුෂ්කිල්’, අමිතාබ්ගේ ‘පින්ක්’, ෂාහිඩ් හා ආලියාගේ ‘උද්තා පන්ජාබ්’, සෝනම්ගේ ‘නිර්ජා’ හා සුශාන්ත් රාජ්පුත්ගේ ‘මහේන්ද්‍ර සිං දෝනි’ චිත්‍රපට නිර්දේශිත වී ඇත. අමිර්ගේ ‘දංගල්’ මෙන්ම ෂාරුක්ගේ ‘ඩියර් සින්දගී’ මෙහිදි වැඩි නිර්දේශයන් ප්‍රමාණයකට ඇතුලත් නොවි තිබීමද කැපී පෙනෙන සිදුවිමක් විය.