අයිෆා මඟ හළ පි‍්‍රයංකා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-25-ent-41

අයිෆා යනු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලකි. මේ උළෙල එක් එක් වසරවල පැවැත්වෙන්නේ එක් එක් රටවලය. මෙවර නිව්යෝර්ක්වල අයිෆා උළෙල පැවැත්වෙන කාල සීමාවේදී හොලිවුඞ් චිත‍්‍රපටියක රගපෑම සදහා ඇමෙරිකාවට ගොස් සිටි පි‍්‍රයංකා චොප්රා එය ම`ග හැර මුම්බායිවලට පැමිණීම කටකතාවලට තුඩු දුන්නේය. ඒ ඇය ර`ග පාන දෙවන හොලිවුඞ් චිත‍්‍රපටියයි.

‘‘දැන් එයා හොලිවුඞ් නිළීයක් කියලා හිතාගෙන ඉන්න හින්දා වෙන්න ඇති බොලිවුඞ් වෙනුවෙන් පෙනී හිටියෙ නැත්තෙ..’’ බොහෝ දෙනෙක් එසේ කීහ.

මෙවර අයිෆා උළෙලට සහභාගි වුයේ සල්මන් ඛාන්, කති‍්‍රනා කායිෆ්, වරුන් ධාවන්, ෂාහිඞ් කපූර් සහ ආලියා භාත්ය.

පි‍්‍රයංකා මුම්බායිවලට පැමිණි විට මාධ්‍යවේදියෙකු මේ කටකතාව ගැන ප‍්‍රශ්න කළ විට පළමුව ඇය කෝපයට පත් වුවාය.

‘‘හැම අවුරුදේදෙම සිනමා සම්මාන උළෙල පැවැත්වෙනවා.. හැම නළුවෙක් නිළීයෙක්ම ඒ හැම උළෙලකටම සහභාගි වෙනව ද..? තමන්ට සම්මානයක් ලැබෙනකොටවත් නොයන අයත් ඉන්නවා.. ඔයා ඒ අයගෙනුත් ඔය ප‍්‍රශ්නෙ අහනව ද..?’’

අමනාපයෙන් විමසුවත් ඊළග තත්පරයේදී සන්සුන් වු ඇය තමා මුම්බායි පැමිණි හේතුව පැවසුවේ සිනාමුසුවය.

‘‘ඇත්තටම පහුගිය කාලෙම මට නිවාඩුවක් තිබුණෙ නෑ.. නිතරම පාහේ නිව්යෝර්ක් ගියා.. පූනේ ගියා.. ආපහු මුම්බායි ආවා.. එහොම තමයි කාලෙ ගෙවුණෙ.. ජූලි 18 වෙනිදා මගෙ උපන් දිනේ.. මගේ මල්ලිගෙ උපන් දිනේ තිබ්බෙ ඊට දවස් දෙක කීපෙකට ඉස්සර .. ඉතින් අපි දෙන්නගෙම උපන් දින වෙනුවෙන් මගේ පවුලේ අය එක්ක ගත කරන්න මම නිවාඩුවක් ගත්තා.. ඒකට මේ වගේ බොරු හේතු පටලවන්නෙ ඇයි කියලා මට හිතා ගන්නත් බෑ..’’ ඇය කීවාය.

1982 උපන් පි‍්‍රයංකා මෙවර සැමරුවේ ඇගේ 35 වන උපන් දිනයයි. සිනමා සම්මාන උළෙකට වඩා පවුලේ අය සම`ග උපන් දිනය සැමරීම වටින්නේයයි පි‍්‍රයංකා කියයි.

 

2017-07-25-ent-42