අයිශ්වර්යාගේ සමාජ සත්කාරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-27-ent-53

ජනප්‍රිය සිනමා නිළි අයිශ්වර්යා රායි බච්චන් පසුගිය නොවැම්බර් 20 වැනිදාට යෙදි තිබුණ සිය පියාගේ උපන්දිනය වෙනුවෙන් විවිධ රෝගාබාධ සඳහා මුහුණදී සිටින කුඩා ළමුන් 100 දෙනෙකු විසින් මුදලින් ආධාර ලබාදීමට කටයුතු කර තිබෙන බව සඳහන් වේ. සිය ශල්‍ය කර්මයන් සඳහා විශාල මුදලක් වැයවන දිළිඳු පවුල් ඉලක්ක කරගෙන මෙම මූල්‍යමය ආධාර ලබාදීමට අයිශ්වර්යා කටයුතු කර තිබුණ බව සඳහන් වේ.

අයිශ්වර්යා මීට පෙර 2004 වසරේදීද සිය අයිශ්වර්යා පදනමින් මෙසේ ආධාර ලබාදී තිබුණ බවත් පසුවී සිය විවාහයත් සමග මෙම වැඩ කටයුතු අඩපණ වූ බව ඇය මාධ්‍යය අමතමින් පවසා ඇත. සිය දියණියගේ උපන්දිනයත් මෑතකදී යෙදී තිබුණ අතර, ඒ වෙනුවෙන්ද තමා සමාජ සත්කාරයන් කිහිපයක් සංවිධානය කර තිබෙන බව ඇය මෙහිදී පවසා ඇත.