අයිශ්වර්යාගේ පියාගේ අවසන් කටයුතු සිදුකරයි
බොලිවුඩ් නිළි අයිශ්වර්යාගේ පියා වන ක්රිෂ්නාරාජ් රායි පසු ගියදා මෙලොවින් සමුගත්තේය. මේ පිළිබඳව අයිශ්වර්යා දැඩි කන්සල්ලෙන් සිටින බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටියි. මේ සඳහා බොලිවුඩයේ බොහෝ නළු නිළියන් ශෝක පණිවුඩද තමන්ගේ සමාජ ජාලා තුළින් නිකුත් කර ඇති බව ඉන්දියානු විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.