අයිශ්වර්යා, සල්මාන්ට කැමතියි
ලබන වසරේදී නිර්මාණය වන චිත්රපටයක් සඳහා අයිශ්වර්යා හා සල්මාන් ඛාන් යොදා ගැනීමට සංජේ ලීලා බන්සාලි තීරණය කර තිබෙන බව සඳහන් වේ. අයිශ්වර්යාගෙන් මේ බව විමසු විට ඇය සිය කැමැත්ත එක්වරම ලබාදී තිබෙන අතර, බන්සාලි මෙම චිත්රපටය පිළිබඳව ඉඟියක් සල්මාන්ට ලබාදී තිබෙන බව සඳහන් වේ.
කෙසේ වෙතත්, වාර්තාවන අන්දමට සල්මාන් තවමත් සිය කැමැත්ත මේ සඳහා ලබාදී නොමැති බවය. බන්සාලි මෑතකදී එක්වූ පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබුණේ, සල්මාන් හා අයිශ්වර්යා යොදා චිත්රපටයක් නිර්මාණය කරන්නට තමන් තුළ සිහිනයක් පවතින බවය. ඔවුන් දෙදෙනා යොදා නිර්මාණය කළ ‘හම් දිල් දේ චුකේ සනම්’ චිත්රපටය අති සාර්ථක වූණ නිසාම තමාට මේ අදහස එක්වරම සිතට නැගුණ බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණි.