අයිශ්චර්යා ජයා සීතල යුද්ධය
නැන්දම්මා ලේලි ගැටුම්, නෑනලා අතර ගැටුම් හැම සමාජයකටම පොදුය. ජනපි‍්‍රය පුද්ගලයන් අතර ඇතිවන එවන් ගැටුම් අනෙක් අය පිළිබඳව පුවත් පියාපත් ලබා ලෝකය පුරාම පියඹා යන්නේය.
අයිශ්චර්යා රායි සහ ඇගේ නැන්දම්මා ජයා බච්චන් අතර ඇති විරසකය ගැන සියල්ලෝම දනිති. මේ වනවිට බච්චන් දියණිය ස්වේතා සහ අයිශ්චර්යා අතරත් සීතල යුද්ධයක් හටගෙන ඇති බැව් පළ වී තිබේ. මෙය පැහැදිලිවම දිස් වූයේ අනුෂ්කා ශර්මාගෙත් විරාත් කෝලිගෙත් විවාහ මංගලෝත්සවය වෙනුවෙන් මුම්බායිහි පැවැති සාදයේදීය. එයට අභිෂේක් බච්චන් සහ අයිශ්චර්යා රායි පැමිණ ටික වේලාවකට පසුව ස්වේතා පැමිණියේ සිය පියා අමිතාබ් බච්චන් සමඟය. ඇයත් අයිශ්චර්යාත් එකිනෙකා මග හරිමින් සිටි බැව් එහිදී පැහැදිලිවම දිස් වූයේය. ඔවුන් සිව්දෙනාම එකට තබා සේයාරුවක් ගන්නට මාධ්‍යවේදීන්ට වුවමනා විණි. එහෙත් ඔවුන් එයට එකඟ වූයේ කැමැත්තකින් නොවන බැව් පෙනෙන්නට තිබිණි. සාදය අතරතුර ස්වේතා සිය සොයුරා සමග කතාබහ කළත් නෑනා දෙස හැරී බැලූවේවත් නැත.
උරහිසේ ආබාධයෙන් පීඩා විඳින අමිතාබ් මෙම සාදයට පැමිණියේත් අත පටියකින් එල්ලාගෙනය.
පෙබරවාරි මාසයේ 5 දා සිය උපන් දිනය සැමරීම සඳහා අභිෂේක් සිය බිරිඳ සහ දියණිය සමඟ ඕස්ටේ්රලියාවට යාමට සූදානමින් සිටින්නේය. අම්තාබ් බච්චන්ට සිය පුතුගේ උපන් දින සාදය මඟ හරින්නට සිදුවී ඇත්තේ අතේ ආබාධය නිසාය. එහෙත් ස්වේතා එය මඟ හරින්නේ අයිශ්චර්යා සමඟ ඇති විරසකය නිසා බැව් තතු දන්නෝ පවසති.