අයිශ් එක්ක අවුරුදු 17කට පස්සේ අනිල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-07-ent-07

2000 වසරේ තිරගත වු ‘තාල්’ චිත්‍රපටයේ රඟපෑ අනිල් කපූර් හා අයිශ්වර්යා යොදා ප්‍රකට සිනමා නිර්මාණකරු ඕම්ප්‍රකාශ් මෙහෙරා චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සැලසුම් කර තිබෙන බව සඳහන් වෙනවා.

වසර 17කට පසුව අනිල් හා අයිශ්වර්යා යොදා නිර්මාණය කරන මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ ‘ෆනී මෑන්’ ලෙසයි. හාස්‍යමය සුන්දර ආදර කතාවක් රැගත් මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බව සඳහන්.

අයිශ්වර්යා අවසන් වරට බොලිවුඩ් චිත්‍රපටයක රඟපෑවේ, පසුගිය වසරේදී වන අතර, ඒ කරන් ජෝහර්ගේ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටයේයි.