අයිරාට විශාදය
ලෝක මානසික සෞඛ්‍ය දිනය යෙදී තිබුණේ ඔක්තෝබර් 10 දාටය. ඒ වෙනුවෙන් ආමීර් ඛාන්ගේ පෙර විවාහයේ දියණිය අයිරා ඛාන් නිකුත් කළ ඉන්ස්ටග්‍රෑම් වීඩියෝවකින් කියැවෙන්නේ අවුරුදු හතරක් තිස්සේම ඇය විශාද රෝග තත්වයෙන් පෙළෙන බවය.
“මම වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත්තා.. දැන් මට සෑහෙන්න සුවයි.. හුඟක් කල් ඉඳලම මට මානසික සෞඛ්‍යය වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න වුවමනා වෙලා තිබ්බා.. ඒත් මොකක්ද කියලා මට හිතා ගන්න බෑ..”
එසේ ප්‍රසිද්ධියේ කියන්නට තරම් ඇය එඩිතර වීම පිළිබඳව එය නැරඹූ සියල්ලෝම ප්‍රසාදයෙන් අදහස් පළ කළහ.
ඒ හැඟුම්බර කෙටි වීඩියෝවෙන් මානසික ආතතියෙන් පෙළෙන අයට පමණක් නොව හොඳ මානසික සෞඛ්‍යයක් ඇති අයටත් ඉගෙන ගත හැකි පාඩමක් තිබෙන්නේය.
“මම මොනවටද විශාදයෙන් පෙළෙන්නෙ..? විශාදයෙන් පෙළෙන්න මම කවුද..? මට මොනවද අඩු..?”
ඇය වීඩියෝව ආරම්භ කර තිබෙන්නේත් අවසන් කර තිබෙන්නේත් එම වාක්‍යයෙනි. මේ ප්රශ්නය තමා තමාගෙන්ම විමසා සිය මානසික සෞඛ්‍ය මට්ටම අවබෝධ කර ගත යුතු බැව් ඇය කියන්නීය.
ජීවිතය පුරා බොහෝ දේවල් සිදු වන්නේය. මිනිසුන්ට බොහෝ දේවල් කීමට තිබෙන්නේය. සමහර දේවල් අවුල් සහගතය. සමහර දේවල් පීඩාකාරී වන අතර සමහර දේවල් සරලය. එහෙත් සියල්ලම නිවැරදිම දේවල් නොවේ. තමාගේ සිතට නැගෙන හැමදේම අනෙක් අයට හමුවේ වචනයට නගන්නට කාටවත් පුළුවන්කමක් නැත. සමහර අයගේ සිත්වලට නැගෙන්නේ ප්‍රසිද්ධියේ කිවහොත් අවමානයට පත් වෙන ආකාරයේ දේවල්ය. හැම දේකින්ම සර්වසම්පූර්ණ අයෙකු වුවත් විශාදයට පත් කරන්නට මෙවන් සිතුවිලි සමත් වෙන බැව් නොකිවමනාය.
තවමත් විසි තුන් හැවිරිදි අයිරා, ආමීර් ඛාන්ගේ පෙර විවාහයේ බිරිඳ රීනා දත්තාගේ දෙවන දරුවාය. අයිරා අධ්යක්ෂවරියක වීමේ මූලික පියවර මේ වන විට තබා තිබේ. ඊට අමතරව ඇය පච්ච ශිල්පිනියක ලෙස කටයුතු කරන්නට සූදානම් වෙමින් සිටින්නීය. ඇය විසින් තරුණයෙකුගේ අතේ කොටන ලද පළමුවෙනි පච්චයේ ඡායාරූප ඇය සමාජ වෙබ් අඩවියක ද පළ කර තිබිණි.
චන්දි කොඩිකාර