අයියා නංගී සෙනෙහස
ශ්‍රද්ධා කපූර් සහ ඇගේ සොයුරා සිද්ධාන්ත් කපූර් එකට රඟපාන ප්‍රථම චිත්‍රපටිය හසීනා පාර්කර් ය. චිත්රපටියේත් ඔවුන් රඟපාන්නේ සොයුරු සෙයුරියන් ලෙසිනි. ඉන්දියාව කැළඹූ මැර කල්ලි නායකයෙකු වන ඬේවූඞ් ඉබ්රාහිම් සහ ඔහුගේ නැගණීය හසීනා පාර්කර් ගේ ජීවිත කතා ඇසුරින් මේ චිත්‍රපටිය නිර්මාණය වී තිබේ.
‘‘මේකේ හසීනාගෙ චරිතයට මම කලින් තෝරා ගත්තෙ සෝනාක්ෂි සිංහ.. ඒත් ඇය වෙනත් චිත්‍රපටියක ර`ග පාමින් හිටිය හින්දා දවසින් දවසම මේ චිත්‍රපටිය කල් ගියා.. ඊට පස්සෙ තමයි ශ්‍රද්ධා කපූර් තෝරා ගත්තෙ.. මම දන්නවා ඇයට අවුරුදු 17 චරිතයක් වගේම 45 චරිතයක් වුණත් හො`දට ර`ග පාන්න පුළුවන් කියලා..’‘ එහි අධ්යක්ෂ අපුර්වා ලේඛියා පවසයි.
‘‘හසීනගෙ චරිතය ගැන හැම පුංචි දෙයක්ම මම හොයලා දැන ගත්තා.. ඒ විතරක් නෙමෙයි කිලෝ නවයක් බරත් වැඩි කර ගත්තා.. දැන් මම ඒ බර අඩු කර ගන්න ව්‍යායාම කරනවා..’’ එසේ කියන්නේ ශ්‍රද්ධා කපූර්ය.