අයියයි මල්ලියි එකම චිත්රපටය රඟපායි
දකුණු ඉන්දීය සිනමාව තුළ ප්රේක්ෂක ආකාර්ශණය වැඩිපුර දිනාගත් සිනමා නළුවන් දෙදෙනෙකු ලෙස සූර්යා හා කාර්ති හැඳින්විය හැක. සහෝදරයන් වූ ඔවුන් දෙදෙනා එකට පෙනී සිටින චිත්රපටයක වැඩ කටයුතු තවත් දින කිහිපයකින් ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඒ මේ වසරේ ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වූ මලයාලම් චිත්රපටයක් වූ ‘අයියප්පන් කොෂියම්’ චිත්රපටය සඳහාය. මොවුන් දෙදෙනා එකට පෙනී සිටින පළමු චිත්රපටයද මෙය වෙයි. ජනප්රිය දකුණු ඉන්දීය සිනමා නළුවෙකු වූ ශිවකුමාර්ගේ පුතුන් වන කාර්ති හා සූර්යා දෙදෙනා දෙමල චිත්රපට සඳහා රංගනයෙන් එක්වීමට ඉහළම මුදලක් අය කරන නළුවන් අතරද සිටියි.