අයියයි - නංගියි
කරීනා කපූර්ගෙත් සයිෆ් අලිඛාන්ගෙත් පුතු තායිමුර් මේ වනවිට එක් හැවිරිදිව සිටින්නේය. සයිෆ්ගේ නැගණිය සෝනා අලිඛාන්ගේ දියණිය ඉතායා ඔහුට වඩා වයසින් අඩුය. එම නිසාම ඔවුන් දෙදෙනා එක ළඟ සිටින විට සයිෆ් බොහෝ පරීක්ෂාකාරී වෙයි.
”දැන් තායිමුර් අතට අහුවෙන හැම දෙයක්ම එහෙ මෙහෙ විසි කරනවා. ළඟපාත තියෙන දේවල් ඩැහැ ගන්නවා. ඒ හින්දා ඒ දෙන්නා ළඟ ඉන්නකොට කාට හරි තුවාලයක් වෙයි කියලා අයියා බයයි.....” සෝනා කියන්නීය.