‘අයි ෆෝ ඉන්දියා’ ප්‍රසංගයෙන් කෝටි 52ක් සොයයි
ලොවපුරා ව්‍යාප්තම වෙමින් පවතින ‘කෙරෝනා’ වෛයිරසයෙන් පීඩාවට පත්ව සිටින ඉන්දීය ජනයාගේ සුබසාධනය වෙනුවෙන් සංවිධානය වෙන ‘අයි ෆෝ ඉන්දියා’ ඔන් ලයින් ප්‍රසංගයෙන් ඉන්දීය රුපියල් කෝටි 52ක මුදලක් උපයාගත් බව සුපිරි නළු ෂාරුක් ඛාන් සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා පවසා ඇත.
ඒ සඳහා දායකත්වය සැපයු සැමට තම ස්තුතිය පුද කර සිටින බව පවසන ෂාරුක් මෙම ඔන්ලයින් ප්‍රසංගය සංවිධානය කළ කරන් ජෝහර් හා ෆර්හාන් අක්තාර් දෙදෙනා විශේෂ ස්තුතියක්ද පිරිනමන්නට කටයුතු කර තිබුණි. එමෙන්ම මෙම ප්‍රසංගය සඳහා තම දායකත්වය සැපයු හොලිවුඩ් තරුවලටද ෂාරුක් සිය කෘතවේදිත්වය පිරිනමන්නට අමතක නොකළේය.