‘අයි.පී.එල්’ අස්සේ ‘රබ්තා’ ප්රචාරක කටයුතු
පසුගිය සති අන්තයේදී හයිද්ර්බාද්හි නිමාව දුටු ‘ඉන්දීය ප්‍රීමියර් ලීග්’ තරගාවලියේ අවසන් තරගය නැරඹිම සඳහා එළැඹෙන ජුලි මාසයේදී තිරගත වීමට නියමිත ‘රබ්තා’ චිත්‍රපටයේ ප්‍රධාන නළුනිළි චරිත වලට පෙනි සිටින සුශාන්ත් රාජ්පුත් හා ක්‍රිති ෂැනොන් දෙදෙනා එම අවසන් මහා තරගයේදී සිය ප්රචාරක කටයුතු සිදු කරමින් සිටි බව සඳහන් වේ.
මීට සති කිහිපයකට පෙර ප්‍රසිද්ධියේම ඔවුන් දෙදෙනා විරසක බවක් පෙන්වමින් ක්‍රියා කරමින් සිය ප්රචාරක කටයුතු සිදුකළ මුත් හයිද්ර්බාද් ක්‍රීඩාංගණයේදී ඔවුන් ඉතා සමිපතම මිතුදමකින් සිය ප්රචාරක කටයුතු සිදුකළ බව සඳහන් වේ. පසුගිය කාලයේ මොවුන් අතර තිබු ප්‍රේම සම්බන්ධය බිඳියාමත් සමගින් එකිනෙකා අතර විරසක වු බවක් වාර්තා විය.