අඹු සැමියන් රඟන අලුත් චිත්‍රපටයක්
ජනප්‍රිය නළුනිළි යුවළක් වන අභිෂේක් බච්චන් හා අයිශ්වර්යා රායි යොදා චිත්‍රපටයක් නිර්මාණය කරන්නට ශයිලාස් ආර්. සිං නම් නිෂ්පාදකවරයා සූදානම් වන වාර්තා වේ. මීට පෙරද චිත්‍රපට කිහිපයක අභිෂේක් හා අයිශ්වර්යා රංගනයෙන් දායක වී ඇති අතර, සිය දියණිය ආරාධ්‍යාගේ උපතින් පසුව ඔවුන් දෙදෙනා එකට පෙනි සිටින චිත්‍රපටයක් බොලිවුඩය තුළ නිර්මාණය නොවුණි.
‘ෆිල්ම් ෆෙයාර්’ වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ අයිශ් හා අභිෂේක් යොදා නිර්මාණය කරන චිත්‍රපටය 1967 වසරේ තිරගත වූ ‘රාත් අවර් දින්’ චිත්‍රපටයේ අනු නිර්මාණයක් බවය. සත්‍යන් බොසී අධ්‍යක්ෂණය කරනු ලැබු මෙම ‘රාත් අවර් දීන්’ චිත්‍රපටයේ ප්‍රදිප් කුමාර් හා නර්ගිස් එවකට රඟනයෙන් දායක වී තිබුණි.