අමීර්ගේ දංගල් කෝටි 1000 පනියි
අමීර් ඛාන් ප්‍රධාන රංගනයෙන් දායක වූ දංගල් චිත්‍රපටයත් මේ වනවිට කෝටි 1146 ක ආදායම් උපයා ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනු ලබයි. පසුගියදා එළිදැක්වූ බාහුබලී දෙවැන්නත් ඉන්දියානු කෝටි 1400 ක ආදායමක් පසුකරමින් සිටියි. මෙම චිත්‍රපට දෙක මේවනවිට කරට කර ගැටෙමින් ආදායම් වාර්තා අතරට පැමිණීම පිළිබඳව බොහෝ දෙනා විස්මිත වී ඇති බව වාර්තා වෙයි. පසුගිය කාලයේ චීනයේ පමණක් තිරගත වූ දංගල් චිත්‍රපටය කෝටි 382ක ආදායමක් ඉපැයීමට සමත්ව තිබෙනවා.