අමීර්ගේ 'දංගල්' කෝටි 20කට විකුණයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-05-ent-91

අමීර් ඛාන් ප්‍රධාන රංගනයෙන් දායක වූ "දංගල්" චිත්‍රපටය ආදායම් අතින් ඉහළ චිත්‍රපටයක් ලෙස නම් කර තිබේ. මේ වනවිටත් නැවතත් ආදායම් ඉපැයීමට එම චිත්‍රපටයට හැකියාව ලැබී තිබේ. ඒ අන්තර්ජාලය ඔස්සේ චිත්‍රපට නැරඹීමට මග පාදාදීමෙනි. ඒ "Netflix" මගින් මෙම චිත්‍රපටයේ අන්තර්ජාලයේ අයිතිය ලබාගෙන තිබේ. ඒ සඳහා ඉන්දියානු කෝටි 20ක මුදලක් ගෙවා ඇති බවද සඳහන් වෙයි.