අමීර් සහ ජුහි චවුලාගේ රණ්ඩුව අවසන්
බොලිවුඩ් නළු අමීර් ඛාන් සහ බොලිවුඩ් නිළි ජුහි චවුලා අතර තිබු විරසකය අවසන් බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. වසර 07ක පුරා පැවැති මේ විරසකය අවසන් වීම පිළිබඳව බොහෝ දෙනාගේ විස්මිතයකට පත්ව තිබේ. ඔවුන් දෙදෙනා එක්ව චිත්‍රපටයක් සඳහා දායක වීමට නියමිත බවයි ඇතැමුන් පවසා ඇත්තේ. මේ කාරණාව හේතුවෙන් මොවුන්ගේ විරසකය අවසන් වූ බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.