අමීර් ගං වතුර ආධාර දෙයි
බොලිවුඩයේ ඔටුනු නොපැලඳූ ‘කිං ඛාන්‘ ලෙස හඳුන්වන අමීර් ඛාන් පසුගියදා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය ඇඳ හැළුණු අධික ගංවතුරින් අවතැන්වූවන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 25ක මුදලක් ආධාර වශයෙන් ලබාදී ඇත.
පසුගියදා බිහාර් පළාතේ මහ ඇමති ලෙස කටයුතු කරන නිතේෂ් කුමාර්ට මෙම ආධාර මුදල ඔහු විසින් ලබා දී තිබේ. මෙම ගංවතුරින් එම පළාතේ ලක්ෂ 22ක ජනතාවක් අවතැන් වී තිබෙන බව සඳහන් වේ. අමීර් මෙසේ ආධාර ලබාදීමත් සමග තවත් ජනප්‍රිය නළුනිළියන් කිහිප දෙනෙකුද ඔහු අනුගමනය කරමින් යම් ආධාර ප්‍රමාණයක් ලබාදී තිබෙන බව සඳහන් වේ.