අමිර් ප්රතික්ෂේප කළ චරිතය ආක්ෂේට
මේ දිනවල වඩාත් කතා බහට ලක්ව ඇති චිත්රපටයක් ලෙස ශේකර්ගේ 2.0 චිත්රපටය හැඳින්විය හැකිය. ‘රොබට්’ චිත්රපටයේ දෙවැනි කොටස ලෙස නිර්මාණය වන මෙහි ප්රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ දමිල සිනමාවේ සුපිරි වීරයා වන රාජිණිකාන්ත්, ආක්ෂේ කුමාර් හා ඇමි ජැක්සන් තිදෙනාය. වාර්තා වන අන්දමට මෙම චිත්රපටය අධ්යක්ෂණය කරන ශේකර් ආක්ෂේ රංගනයෙන් දායක වන ඩොක්ටර් රිචාර්ඩ් චරිතයට මුලින් තෝරා ගෙන තිබුණේ අමීර් ඛාන්ය. නමුත්, ඔහු ඒ දිනවල ‘දංගල්’ චිත්රපටයේ රූපගත කිරිම්වලට සම්බන්ධ වී සිටි හෙයින් එම අවස්ථාව ප්රතික්ෂේප කර තිබුණි.