අමිර් ඛාන් ලෝකේ වටේ යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200824-06

ඉන්දියාවට වඩා සිය අලුත්ම චිත්‍රපටය වූ ‘ලාල් සි චඩ්ඩා’ විදෙස් රටවල ප්‍රදර්ශනය කරන්නට එම චිත්‍රපටයේ ප්‍රධන නළු චරිතයට පණ පොවන අමිර් ඛාන් වෙහෙස වන බව වාර්තා වෙයි. එහි ප්‍රතිපලයක් ලෙස අමිර් ඛාන් මීට දින කිහිපයකට පෙර තුර්කියට ගොස් එහි සිනමා බලධාරින් සමග සාකච්ඡ කළ බව සඳහන් වෙයි.

අමිර් ඛාන් රංගනයෙන් දායක වූ ‘දංගල්’, ‘සික්‍රට් සුපර්ස්ටාර්’, ‘පීකේ’ චිත්‍රපට විදෙස් රටවලදී ඉහළ ආදායමක් උපයාගත් අතර, එම චිත්‍රපට ත්‍රිත්වයම මේ වනවිට බොලිවුඩයේ ඉහළම ආදායමක් ලැබු පළමු බොලිවුඩ් චිත්‍රපට පහ අතරට තේරීපත්වද තිබේ.