අමිර් ඉන්දීය සම්මාන උලෙළකට යයි
බොලිවුඩයේ වාර්ෂිකව පැවැත්වෙන කිසිදු සිනමා සම්මාන උලෙළකට සහභාගී නොවන සුපිරි නළු අමිර් ඛාන් පසුගියදා පැවති ඉන්දීය ක්‍රීඩා සම්මාන උලෙළක් සඳහා සහභාගී වි සිටි බවට තොරතුරු වාර්තා වේ. බොලිවුඩ් සිනමා තරු බොහෝමයක් මෙම ක්‍රීඩා සම්මාන උලෙළ සඳහා සහභාගී වි සිටි අතර, සුපිරි නළු අමිර් ඛාන්ගේ පැමිණීම ඒ අතරින් වඩාත් අවධානය යොමු වූ සිදුවීමක් විය.
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි විසින් නවක ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට පිරිනමන ශිෂ්‍යත්ව ප්‍රදානයක් සඳහා අමීර් ඛාන් වේදිකාවට ගොඩ වූ අවස්ථාවේදී උත්සව සභාවේ නිවේදන කටයුතු සිදු කරමින් සිටි රිතෙක් දේශ්මුක් කිසිදු සිනමා සම්මාන උලෙළක් සඳහා සහභාගී නොවන අමිර් මෙම සම්මාන උලෙළට සහභාගී වූයේ මන්දැයි අමීර්ගෙන් විමසා සිටියා. අමිර් එහිදී පවසා තිබුණේ තමාට සිනමා සම්මානවල ලබා දෙන සම්මාන පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවයි.