අමිතාබ්ගේ අලුත් චිත්‍රපටය සාර්ථකයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-16-ent-153

පසුගිය වසර කිහිපයේදීම තමන් රඟපෑ චිත්‍රපට බොහෝමයක් අසාර්ථක වූ අමිතාබ් බච්චන් නැවත වරක් බොලිවුඩ් සිනමා ලෝලීන්ගේ අවධානය දිනාගන්නට උමේෂ් සුක්ලාගේ ‘102 නෝට් අවුට්’ චිත්‍රපටය හරහා සමත්විය.

මේ වනවිට බොක්ස් ඔෆිස් චිත්‍රපට දර්ශකයේ මුල්තැනට පත්ව ඇති මෙම චිත්‍රපටය දින 08ක් තුළදී ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 58ක මුදලක් උපයා ගැනීමට සමත්විය. ඉන්දියාවේ පමණක් මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 32.5ක මුදලක් උපයාගෙන ඇති මෙම චිත්‍රපටය 2016 වසරේ අමිතාබ් රඟපෑ ‘පින්ක්’ චිත්‍රපටයෙන් පසුව සාර්ථක වූ පළමු බොලිවුඩ් චිත්‍රපටය වීම විශේෂත්වයකි.