අමිතාබ්ගේ 75 වැනි උපන්දිනය
බොලිවුඩ් සිනමාවේ ජ්‍යෙෂ්ඨයා ලෙස හඳුන්වන අමිතාබ් බච්චන්ගේ 75 වැනි උපන්දිනය පසුගිය ඔක්තෝබර් 11 වැනිදාට යෙදී තිබුණා. අමිතාබ්ගේ පුත් අභිෂේක් හා ලේලිය අයිශ්වර්යා මෙවර අමිතාබ්ගේ 75 වැනි උපන්දිනය මාලදිවයිනේ සමරන්නට කටයුතු යොදා තිබුණා. මෙහි විශේෂත්වය වූයේ අමිතාබ්ගේ මිණිපිරියක් වූ අගස්තයා වසර 11කට පසුව ඔවුන් සමග එක්ව අමිතාබ්ගේ උපන්දිනයට එක් වීමයි. අගස්තයා වසර 11ක් තිස්සේ එංගලන්තයේ ලන්ඩන්හි සිය අධ්‍යාපන කටයුතු සඳහා යොමුවී තිබුණා. සිය උපන්දිනය සැමරීමෙන් අනතුරුව අමිතාබ් මාධ්‍යයට පවසා තිබුණේ, සිය 75 වැනි උපන්දිනය තමාට අමතක නොවන උපන්දිනයක් වූ බවයි.