අමිතාබ් රඟන චිත්‍රපටයක් අජේ අධ්‍යක්ෂණය කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘කොවිඩ් 19’ රෝගයට ගොදුරු වු බොලිවුඩ් සිනමා නළු අමිතාබ් බච්චන් මේ දිනවල විවේක සුවයෙන් පසුවෙන බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, තවත් සති කිහිපයකින් පසුව අමිතාබ් සිය වෘත්තිය කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කරන්නට සූදානමින් සිටින අතර, ඔහු මෙවර මුලින්ම දායක වීමට සූදානමින් සිටින්නේ ජනප්‍රිය සිනමා නළු අජේ දේව්ගන් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක් සඳහා බව වාර්තා වෙයි.

අජේ හා අමිතාබ් දෙදෙනා මීට පෙර ‘කාකි’ හා ‘සත්‍යග්‍රාහ’ චිත්‍රපටවල දකින්නට ලැබුණ නමුදු අමිතාබ් අජේ දේව්ගන්ගේ අධ්‍යක්ෂණය යටතේ දායක වන මුල්ම චිත්‍රපටය මෙය වීම විශේෂත්වයකි. අජේ විසින් අධ්‍යක්ෂණය කරන තුන්වැනි චිත්‍රපටය මෙය වන අතර, ඔහු ඊට පෙර ‘යූ මී අවර් හම්’ හා ‘ශීවායි’ චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබුණි.

20201113Ajaya-1