අමිතාබ් භච්චන් රෝහල් ගත කරයි
ප්‍රවීණ රංගන ශිල්පී අමිතාබ් භච්චන් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල් ගත කර ඇතැයි ඉන්දියානු පුවත් වාර්තා කර සිටියි. කොදුඇට පෙළේ ඇති වූ වේදනාවක් හේතුවෙන් මෙලෙස ඔහු රෝහල් ගත කර තිබේ. රෝහල වෙත අමිතාබ්ව රැගෙන විත් ඇත්තේ ඔහුගේ පුතු වන අතර, ඔහු මුහුණු කළු රෙදිකඩකින් ආවරණය කර පැමිණි බව සඳහන් වෙයි.