අමිතාබ් භච්චන් ට්විටර්වලින් ඉවත් වෙයි?
ඉන්දියානු සිනමාවේ දැවැන්ත චරිතයක් වන අමිතාබ් භච්චන් සමාජ වෙබ් අඩවිවල බෙහෙවින් කටයුතු කරන පුද්ගලයෙකු බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. තම ට්විටර් ගිණුම ඔස්සේ බොහෝ ලෙස පෙනී සිටින ඔහු එයින් ඉවත් වීමට තීරණය කර ඇති බව සඳහන් වෙයි. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිට පසුව ට්විටර් ගිණුම් භාවිතයේ දෙවැනි තැන හිමිවන්නේ අමිතාබ්ට බව සඳහන් වෙවෙයි.
මිලියන 33ක අනුගාමිකයන් පිරිසක් සිටින අමිතාබ් ට්විටර් ගිණුමෙන් ඉවත් වීමට හේතුව සඳහන් කර නොමැති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටියි.