අමිතාබ් බච්චන්ට සනීපයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200727-78

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් පසු ගිය කාලයේ රෝහල්ගතව සිටි අමිතාබ් බච්චන් මේ වන විට සුවය ලබා සිය නිවසට ගොස් සිටින්නේය. ඔහු සමාජ මාධ්‍ය සමඟ බොහෝ සමීප සබඳකම් පවත්වන අයෙකි. එම නිසාම රෝහල්ගතව සිටි කාලයේත් ඔහු තම තොරතුරු රසිකයන්ට දැනුම් දෙන්නට සමාජ මාධ්‍ය යොදා ගත්තේය. නිවසට පැමිණි වහාම ඔහු හැඟුම්බර අදහසක් පළ කර තිබුණේ රසිකයන් තුළ ඔහු කෙරෙහි ඇති ආදරය වැඩි කරවමිනි.

“මම සුව වෙලා ගෙදර ආවා.. ඒත් මට මගේ කාමරයටම වෙලා ස්වයං නිරෝධායනය වෙන්න සිද්ද වෙලා තියෙනවා.. දෙවියන්ගෙ කරුණාවෙන්, මගේ නෑ හිතවතුන්, රසිකයන්ගේ ප්‍රාර්ථනාවල බල මහිමයෙන්, නැනවතී රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ඉහළම සාත්තු සප්පායම්වල පිහිටෙන් මට අද දවස ආදරෙන් පිළි ගන්න හැකි වෙලා තියෙනවා.. ඔබලා සියලු දෙනාටම මම අත් දෙක එකතු කරලා මගේ කෘතඥතාව පුද කරනවා..”

ඔහු මේ අදහස පළ කර තිබුණේ වැඳගෙන සිටින සේයාරුවක් ද සමඟිනි. එය පළ වී සුළු වේලාවක් ගත වෙද්දීම ලෝකයේ හතර දිග්බාගයෙන්ම අමිතාබ්ට පැසසුම් ලැබිණි.