අමිතාබ් බච්චන් ගොවීන්ගේ වගා ණය මුදල් ගෙවා දමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් ඔහු උපත ලද උත්තර ප්‍රාන්තයේ  ගොවීන් 1398 ගේ වගා ණය මුදලක් ගෙවා දැමීමට කටයුතු කර ඇත. 

ගොවීන් සඳහා මෙම වැඩපිළිවෙල සංවිධානය කර ඇති බව  ඔහු තම ටුවිටර් ගිණුමේ පළකර ඇත.

තමන් රුපියල් මිලියන 40 කට වඩා වැඩි මුදලක් ගොවීන්ගේ ණය  ගෙවීම සඳහා වැය කර ඇති බව අමිතාබ් බච්චන් සඳහන් කර තිබේ.

මොහු මීට පෙර ද තම පෞද්ගලික ධනයෙන් මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ ගොවීන් 350 දෙනෙකුගේ වගා ණය ගෙවා දැමීමට කටයුතු කර තිබුණි. 

මෙසේ තම ණය මුදල් ගෙවා ගැනීමට නොහැකිව ඉන්දීය ගොවීන් ගොවීන් පීඩාවට පත්වන අතර 1995 වසරේ සිට මේ දක්වා ගොවීන් ලක්ෂ තුනක් පමණ  සියදිවි නසාගෙන ඇත.

නියඟය, වගාවට අවශ්‍ය ජලය නොලැබීම, නවීකරණය නොකිරීම නිසා, කාර්මීකරණය වැනි හේතු නිසා දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ ගොවීහු  පීඩා විදිති.  

තමන්ට දැරිය නොහැකි ණය බරින් නිදහස් කිරීම ගැන ගොවීහු  76 වියේ පසුවන බච්චන් මහතාට කෘතඥතාව පල කළහ.

ලංකාදීප ඇසුරෙන්

20181121Amithab-1