අමිතාබ් කනස්සල්ලෙන්
ඉන්දියාව තුන් වන ලෝකයේ රටක් ලෙස අනෙක් රටවල් විසින් හදුන්වනු ලැබීම පිළිබ`දව ඉන්දියානු මෙගා තරුව අමිතාබ් බච්චන් කතා කරන්නේ බොහෝ කනස්සල්ලෙනි. නුදුරු අනාගතයේදීම ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත් වෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි.
පසු ගිය දා ඉන්දියාවේ විද්‍යාඥයන් පිරිසක් විසින් අලූත් මන්දාකිණියක් සොයා ගන්නා ලදී. එය අපේ මන්දාකිනිය මෙන් බිලියන ගණනක් විශාලය.
ඔවුන් විසින් මෙය නම් කරනු ලැබ ඇත්තේ සරස්වතී යනුවෙනි.
‘‘සරස්වතී කියන්නෙ ඉගෙනුමට අධිපති දෙව`ගන.. ඒ හින්දා ඒක තමයි අලූත් මන්දාකිණියට හො`දටම ගැලපෙන නම.. මම අපේ විද්‍යෘඥයන්ට සුබ පතනවා විතරක් නෙමෙයි ප‍්‍රශංසා කරනවා..’’
මේ 74 හැවිරිදි නළුවා පවසන්නේය.
ඉන්දියාව තුන් වන ලෝකයේ රටවල් අතරට එක් කර තිබීම එහි පුරවැසියන්ට වේදනාවක් බැව් අමිතාබ් කියයි.
‘‘මම එක්තරා රටකට ගිය වෙලාවේ රසිකයොයි, මාධ්‍යවේදියොයි මාව වට කර ගත්තා.. ඒ රටේ සමහරුන්ට ඒක ඉවසන්න බැරි වුණා.. තුන්වෙනි ලෝකයේ රටක තුන් වෙනි පන්තියේ නළුවා වහාම අපේ රටෙන් පිට වෙන්න ඕන කියලා ඔවුන් උද්ඝෝෂණය කළා.. ඇත්තටම මට දුක හිතුණෙ මං ගැන නෙමෙයි අපේ රට ගැන.. කවදා හරි දවසක රටට උරුම නිසි ගෞරවය ලැබෙන බව මම දන්නවා..’’ ඔහු කියයි