අමාරුවෙන් ආලියා දින දීලා
වර්තමානයේ බොලිවුඩයේ සිටින ආකර්ෂණීය යොවුන් සිනමා නිළිය බවට පත්ව සිටින ආලියා භාට් ලබන වසරේ තිරගත වීමට නියමිත ‘ආෂික්යූ’ තුන්වැනි චිත්රපටයේ රූපගත කිරීම් සඳහා දින ලබාදී ඇතැයි වාර්තා වෙනවා.
කාර්යබහුල සිනමා ජීවිතයක් ගත කරන ආලියා ‘ආෂික්යු’ තුන්වැනි චිත්රපටය සඳහා දින ලබාදී තියෙන්නේ චිත්රපට කිහිපයක රූපගත කිරීම් අතරතුරදී ලබා දෙන විවේක නිවාඩුමත බව සඳහන් වෙනවා. ඇය මේ දිනවල ‘ගුල්ලු බෝයි’, ‘ඩ්රැගන්’, ‘අයියාරේ’ හා ‘Ittefaq’ යන චිත්රපටවල රූපගත කිරීම් කටයුතුවල නිරතව සිටිනවා. මෙම චිත්රපට අතරින් ඇය කිහිපයකම සිය පෙම්වතා වන සිද්ධාර්ත් මල්හෝත්රා සමග පෙනී සිටිනවා.
‘ආෂික්යූ’ තුන්වැනි චිත්රපටයේද ඇය පෙනී සිටින්නේ සිය පෙම්වතා සමග වීම විශේෂත්වයක්.