"අම්මාව බදාගෙන ඉන්න එක වඩාත් හොඳයි.." ඉන්දියාව Lockdown කිරීම තනිවම සමරයි
COVID 19 මේ වෙද්දී ලොව පුරා ව්‍යාප්ත වෙන්න පටන් අරන්. වෛරසය බිලිගත් ජීවිත ගණන 21, 181ක් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. එමෙන්ම එක්ලක්ෂ 13, 770කට වෛරසය ආසාදනය වී තිබෙනවා.
අසල්වැසි ඉන්දියාවෙන් මරණ 12ක් වන අතර එරට ආසාදිත පිරිස් 600 ඉක්මවා තිබෙනවා.
මෙවන් වාතාවරණයක් තුළ ඉන්දියාව සම්පූර්ණයෙන් වසා දැමීමට එරට අගමැති නරේන්ද්‍ර මෝදි විසින් තීරණය කරනු ලැබුවා.
අගමැතිවරයාගේ මෙම තීරණයත් සමඟ එරට මිලියන සංඛ්‍යාත ජනයා ඔල්වොරසන් දෙමින් ප්‍රීති ඝෝෂා කළ හැටි දැකගන්නට ලැබුණා.
මේ අතර ඉන්දීය ජනප්‍රිය සුපිරි නිළියක් වන ප්‍රියංකා චොප්රා ද මෙම සැමරුම් සඳහා එක්ව තිබෙනවා, ඒ ලොස් ඇන්ජලීස් නුවර සිටයි.
ඇය තනිවම නිවසේ සිට අත්පොළසන් දෙමින් එය සැමරූ වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
ඇගේ සැමියා නික් සමඟ සිටින ඡායාරූප කිහිපයක්ම ඇය සමාජ මාධ්‍යයට එක්කර තිබූ අතර සමාජ දුරස්ථභාවය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස ඇය #stayathome හෑෂ් ටෑගය ද ඒ සඳහා යොදාගත්තා.
"මේ කාලයේ නිවසේ රැඳී සිටිම ආරක්ෂිතම දෙයයි. අම්මාව බදාගෙන ඉන්න එක වඩාත් හොඳයි.."
ඇය කියනවා.