අම්මායි, පුතයි දෙන්නම මැතිවරණයේදී දිනුම්
පසුගියදා පැවති ඉන්දීය මැතිවරණයේදී ‘භාරතිය ජනතා පක්ෂය’ නියෝජනය කළ හේමා මාලනි හා සනි ඩියොල් දෙදෙනා ඉතා පහසුවෙන් සිය ආසන දිනාගැනීමට සමත් විය. හේමා මාලනි උත්තර ප්‍රදේෂ්හි මධුරා නගරය නියෝජනය කරමින් තරග කළ අතර, සනී ඩියොල් ගර්දේශ්පුර් ආසනය සඳහා ‘භාරතිය ජනතා පක්ෂය’ නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් විය. එමෙන්ම ජනප්‍රිය සිනමා නිළි උර්මිලා මතෝද්කාර් මෙන්ම දකුණු ඉන්දිය සිනමා නළු ප්‍රකාශ් රාජ් පරාජයට පත් විය. එමෙන්ම තවත් බොහෝ ජනප්‍රිය නළුනිළියන් මෙවර ඉන්දීය මැතිවරණයේදි ජයග්‍රහණය මෙන්ම පරාජයටද පත් විය.