අම්තාබ්ට දැන් 77ක්
ඉන්දීය සිනමාවේ සිටින වයස්ගතම නළුවා වන අමිතාබ් බච්චන් පසුගිය ඔක්තෝබර් 11 වැනිදාට සිය 77 වැනි උපන්දිනය සමරන්නට වී ඇත. සිය මුම්බායි නිවසේ ඉතා චාම් උපන්දින සාදයක් ඔහු සිය උපන්දිනය වෙනුවෙන් පවත්වා ඇති අතර ඊට සිය පවුලේ සමිපතමයන් පමණක් එක්ව තිබුණ බව සඳහන් වේ.
කෙසේ වෙතත්, අමිතාබ්ගේ මෙම උපන්දිනයට ඉන්දියාවේ පමණක් නොව ලොවපුරා සිටින ප්රභුවරුන්ද සුබපතා තිබුණ බව සඳහන් වේ. විශේෂයෙන්ම එංගලන්තය මහා රැජිණි මෙන්ම ඉන්දී්‍ය අගමැති මෝදිද ඒ අතර සිටිමී විශේෂත්වයක් විය.