අභිෂේක්ට 41යි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2017-02-09-ent-45

2017-02-09-ent-46අභිෂේක් බච්චන් පෙබරවාරි 5දා සිය 41 වන උපන් දිනය සැමරුවේය. ඒ වෙනුවෙන් අමිතාබ් බච්චන් පුතු සමග ගත් ඡුායාරූප දෙකක් ද සමග සුබ පැතුමක් සිය ට්විටර් අඩවියේ පළ කර තිබිණි. මේ විශේෂ දිනයේ තමාට දැනෙන සතුට විස්තර කරන්නට වචන නැති බව ඔහු කියන්නේය.

මව්පියන්ට ආඩම්බර විය හැකි පුතෙකු, ආදරණීය සැමියෙකු හා පියෙකු මේ ජනප‍්‍රිය නළුවා තුළ සිටීම නිසාම ඔහු වැඩිපුර ප‍්‍රශංසාවට ලක් වෙන බැව් ඔහු ළඟින් ඇසුරු කරන්නෝ පවසති.

බිග් බී යන සුරතල් නමින් හැඳින්වෙන බොලිවුඞ් මෙගා තරුව අම්තාබ් බච්චන්ගේ පුතු වීම පිළිබඳව අභිෂේක් ආඩම්බර වන්නේය. අම්තාබ් ආඩම්බර වෙන්නේ සිය පුතු ද තමාගේ මාර්ගයේම ගමන් කර ජනප‍්‍රියත්වය හිමි කර ගැනීම පිළිබඳවය. සත්තකින්ම අභිෂේක් මේ ගමන ආවේ ඔහුගේම දක්ෂතාව නිසා මිස තාත්තාගේ ජනප‍්‍රියත්වය හරහා නොවේ.

තාත්තා සහ පුතා සර්කාර්, සර්කාර් රාජ්, පා, බන්ටි ඕර් බාබිල් ඇතුළු චිත‍්‍රපටි කිහිපයක එකට රඟපෑහ. මේ අතරින් පා විශේෂිත වන්නේ එහි අභිෂේක් අමිතාබ්ගේ පියා ලෙස රඟපාන නිසාය.

2000 වසරේදී රෙෆියුජී චිත‍්‍රපටියෙන් සිය සිනමා ගමන ඇරඹූ අභිෂේක් මේ වන විට චිත‍්‍රපටි 40ක පමණ රඟපා තිබේ. ඩූම්, හවුස් ෆුල් 3, බෝල් බච්චන්, හැපි නිව් ඉයර් ඒ අතරින් කිහිපයකි.

අභිෂේක් අයිශ්වර්යා රායි සමග ආදරයෙන් බැඳුණේ ගුරු චිත‍්‍රපටියේ රඟපාද්දීය. 2007 දී විවාහ වූ ඔහුගේ විවාහ ජීවිතයට මේ වන විට දස වසරක් සම්පූර්ණ වී තිබේ. ඔහු හැම විටම කියන්නේ බිරිඳ ඔහුගේ හොඳම යෙහෙළිය බවය. බොලිවුඞ් පුරවරයේ අවිවාහක කාන්තාවෝ අභිෂේක් වැනි සැමියෙකු ලබන්නට පෙරුම් පුරති.

ඔහු තාත්තා කෙනෙකු වූයේ 2011 නොවැම්බර් 16දාය. බේටි බී යන ආදරණීය නමින් හැඳින්වෙන ආරාධ්‍යා දැන් ඔහුගේ මුළු ලෝකයම වී සිටින්නීය.

 

චන්දි කොඩිකාර