අභිෂේක සහ ඓශ්චර්යා යළි පෙම්වතුන් වෙයි?
අද බොලිවුඩයේ ‘බිග් බී’ ලෙස නමක් දිනා සිටින අමිතාබ් භච්චන් සහ ඔහුගේ බිරිය ජයා බහදුරි පෙම්වතුන් ලෙස රඟපෑ ‘අභිමාන්’ චිත්‍රපටයට තවමත් සිනමා රසික පරපුර ආදරය කරනු ලබනවා. මේ ජනප්‍රිය සිනමා නිර්මාණය යළි නවමු ආරකින් රසික රසිකාවන් වෙත ගෙන එන්නට මීට වසර කිහිපයකට පෙර යම් උත්සාහයක් ගෙන තිබුණු බව බොහෝ දෙනා දන්නා කාරණාවකි. මේ නවතම ‘අභිමාන්’ චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි යුවළ හැටියට තෝරා ගැනීමට නියමිත වුණේ අමිතාබ් - ජයා යුවළගේ පුත්, අභිෂේක් භච්චන් සහ ඔහුගේ ආදරණීය බිරිඳ ඓශ්චර්යා රායි භච්චන්ය. නමුත් ඒ අලුත් ‘අභිමාන්’ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ වූයේ නොමැත. නැවත පසුගිය සතියේ යළිත් මේ පිළිබඳව කතාබහ කිරීමට සූදානම් වන්නේ ‘අභිමාන්’ චිත්‍රපටය යළි නිර්මාණය කිරීමට යෝජනා වීමත් සමගිනි.
මේ පිළිබඳ අභිෂේක් සහ ඓශ්වර්යාගෙන් ඉන්දීය මාධ්‍යවේදීන් විමසූ විට ඔවුන් දෙදෙනා එකහෙළාම කියා සිටියේ පැරැණි ‘අභිමාන්’ චිත්‍රපටයට නැවත නිෂ්පාදනය නොකල යුතු බවයි. අභිෂේක් අවධාරණය කළේ ‘අභිමාන්’ වැනි ජනප්‍රිය අව්‍යාජ සිනමා කෘතියක් යළි නිර්මාණය කර එහි වටිනාකම කෙලසිය යුතු නැති බවයි. මේ සමඟම බොලිවුඩ්පුරයෙන් වාර්තා වන්නේ අභිෂේක් සහ ඓශ්වර්යා පෙම්වතුන් ලෙස රඟපාන චිත්‍රපටයක් නැරැඹීමට රසික රසිකාවන්ට තවත් කාලයක් බලා සිටින්නට සිදුවිය හැකි බවයි.