අභිනව් හා හර්ෂ්වර්ධන් හමුවක්
2008 වසරේ චීනයේ බිජිං නගරයේ පැවති ‘ඔලිම්පික්’ තරගාවලියේදී මීටර් 10 රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනු ඉන්දීය ක්රීඩක අභිනව් බින්ද්රාගේ ජීවිත කතාව අළලා සැකසෙන බොලිවුඩ් චිත්රපටය සඳහා ජනප්රිය බොලිවුඩ් නළු අනිල් කපූර්ගේ පුත් හර්ෂ්වර්ධන් කපූර් තෝරාගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය සති අන්තයේදී ඔවුන් දෙදෙනාගේ හමුවක් මුම්බායි ප්රසිද්ධ අවන්හලකදී සිදුව තිබුණ අතර, හර්ෂ්වර්ධන් මෙහිදී අභිනව්ගේ පෞද්ගලික ජීවිතය මෙන්ම ක්රීඩා දිවිය පිළිබඳව තොරතුරු හුවමාරු කරගත් බව සඳහන් වේ.