අපි අතර මිතුදමක් පමණයි
පසුගිය කාලයේ සැබෑ ජීවිතේද පෙම්වතුන් බවට පත්ව සිටි බවට තොරතුරු වාර්තා වුණ ආලියා භාට් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා පසුගියදා ‘සන්ටා බන්ටා’ වෙබ් අඩවිය සමගින් එක්වෙමින් පවසා තිබුණේ, තමන් අතර පවතින්නේ ඉතා සමීප මිතුදමක් පමණක් බවයි.
පසුගිය සමයේ මොවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය බිඳවැටුණ බවට තොරතුරු වාර්තා වුණ අතර, ඉන්පසුව සිද්ධාර්ත් මෙන්ම ආලියාද මෙවැනි ප්‍රකාශයන් මාධ්‍යයන් හමුවේ පවසා තිබුණ බව සඳහන් වේ.
කෙසේ වෙතත්, බොහෝ දෙනෙකු පවසන්නේ, මේ වනවිට සිද්ධාර්ත් හා ආලියා අතර ප්‍රේම සම්බන්ධයක් හෝ මිතුදමක් නොපවතින බවයි.