අප්‍රේල් මාසය තෙක් කල් ගිය '2.0'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-06-ent-16

ලබන වසරේ ජනවාරි 26 වැනිදාට ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබුණ හේකර්ගේ ‘2.0’ දමිළ චිත්‍රපටය ලබන වසරේ අප්‍රේල් මාසයේ තුන්වැනි සතිය දක්වා කල්ගත වූ බව ඉන්දීය සිනමා මාධ්‍යයන් අනාවරණය කර සිටියි.

ජනවාරි 26 වැනිදා මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුණද එදිනම ‘2.0’ චිත්‍රපටයේ දුෂ්ට චරිතය නිරූපණය කරන ආක්ෂේ කුමාර්ගේ ‘පෑඩ් මෑන්’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට යෙදී තිබුණ හෙයින් මෙම චිත්‍රපටය කල්ගත වූ බව සඳහන් විය. ‘2.0’ චිත්‍රපට නිෂ්පාදකවරුන් සඳහන් කර තිබුණේ, ඉන්දීය රුපියල් කෝටි 450ක මුදලක් වැය කරමින් තැනුණ තම චිත්‍රපටය අවදානමක දැමිය නොහැකි නිසාවෙන් මෙසේ කල්ගතව ප්‍රදර්ශනය කිරීමට තීරණය කළ බවයි.