අප්‍රසිද්ධියේ සිදුවූ ඇමිගේ විවාහ මංගල්‍යය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2019-05-06-ent-377

මේ වනවිට ගැබිණියක්ව සිටින ඇමි ජැක්සන්ගේ විවාහ මංගල්‍යය පසුගිය මැයි 05 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නගරයේදී සිදුවිය. මෙම විවාහ මංගල්‍යය අප්‍රසිද්ධියේ සිදුව ඇති අතර, ඇමි හා ඔහුගේ සැමියා වූ ජොර්ජ්ගේ මාපියන් පමණක් මෙම විවාහ මංගල්‍යයට එක්ව සිටි බව සඳහන් වේ.

කෙසේ වෙතත්, එදින සන්ධ්‍යාවේදී ඔවුන් සිය සමිපතම මිතුර මිතුරියන්ට සඳහා රාත්‍රි ප්‍රිය සම්භාෂණ උත්සවයක් සංවිධානය කර තිබුණ බව සඳහන් වේ. මේ වනවිට ඇමි ජැක්සන් ගැබි ගෙන සිටින ඡායාරූප බොහෝමයක් අන්තර්ජාලයේ පළව ඇති අතර, ඔවුන්ගේ දරු උපත ඔක්තෝබර් මස මුලදී සිදු වීමට නියමිත බව සඳහන් වේ.

 

2019-05-06-ent-376