අනුෂ්කාගේ සිවුවසරක ප්‍රේමය නිමාවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2017-10-31-ent-106

වසර කිහිපයක් තිස්සේ පැවැති අනුෂ්කා හා විරාත් කෝලි ආදර සම්බන්ධය දෙසැම්බරයේදී විවාහයකට පෙරළීමට නියමිතව ඇතැයි බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙය නිල වශයෙන් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති නමුත්, බොලිවුඩ් සිනමා වෙබ් අඩවි සඳහන් කර සිටින්නේ නොවැම්බර් හා දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියෙන් සිය පෞද්ගලික හේතුන් මත ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරණ විරාත් කෝලි ඉන් ඉවත් වීම ඔහුගේ විවාහය වෙනුවෙන් බව තොරතුරු වාර්තා වෙනවා.

එමෙන්ම මීට දින කිහිපයකට පෙර අනුෂ්කාද සිය සිනමා වැඩ කටයුතුවලින් තාවකාලිව ඉදිරි කාලයේදී ඉවත් වීමට සූදානම්ව සිටින බවට ඉඟි පළ කර තිබුණා. මේ දිනවල ඇයගේ අලුත්ම චිත්‍රපටය වන ‘‘පාරි’ චිත්‍රපටයේද වැඩ කටයුතුද අවසන් කරමින් සිටින බව දැන ගැනීමට ලැබෙනවා. පසුගිය කාලයේ අනුෂ්කා හා විරාත් එක්තරා විවාහ උත්සවයක් සම්බන්ධ කරගෙන නිර්මාණය වුණ වෙළෙඳ දැන්වීමක් සඳහාද මොවුන් දෙදෙනා පෙනී සිටි අතර, අනුෂ්කා හා කෝලිගේ විවාහය මෙම වෙළෙඳ දැන්වීම් සම්බන්ධ කරගෙන පැතුරුණු එක්තරා කට කතාවක් බවටද සමහර අන්තර්ජාල වෙබ් අඩවි වාර්තා කර තිබුණා.

 

2017-10-31-ent-105