අනුෂ්කාගේ විවාහයට එන කට්ටිය
බොලිවුඩ් සුපිරි නිළි අනුෂ්කා ෂර්මා හා ඉන්දීය වර්තමාන ක්‍රිකට් නායක විරාත් කෝලි අතර විවාහය පසුගිය දෙසැම්බර් 13 වැනිදා ඉතාලියේ මිලානෝ නගරයේ සුපිරි හෝටලයක පැවැත්වුණි. මේ සඳහා අනුෂ්කාගේ මෙන්ම විරාත්ගේ ඥාතින් හා සමිපතම මිතුරු, මිතුරියන් කිහිප දෙනෙකු පමණක් සහභාගි විය.
කෙසේ වෙතත්, දෙසැම්බර් 21 වැනිදා මොවුන් දෙදෙනාගේ විවාහය වෙනුවෙන් සුපිරි ප්‍රිය සම්භාෂණ උත්සවයක් පැවැත්වීමට නියමිත බව සඳහන් වේ. මෙය ඉන්දියාවේ නව දිල්ලි නගරයේ සුපිරි හෝටල් ශාලාවක පැවැත්වීමට සූදානම් කර තිබෙන අතර, ඒ සඳහා බොලිවුඩ් සිනමා තරු මෙන්ම, දේශපාලඥයින්, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්, කෝටිපති ව්‍යාපාරිකයන් සහභාගි වීමට නියමිතය. ඒ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාද මෙම උත්සවයට විරාත්ගේ පාර්ශවයෙන් ආරාධනා කර ඇති බව වාර්තා වේ.