අනුෂ්කාගේ චිත්‍රපටයට අභියෝගයක්
අනුෂ්කා ෂර්මා කෝලි සිය විවාහයෙන් පසුවන බොලිවුඩයේ දකින්නට ලැබෙන පළමු චිත්‍රපටය වන්නේ ‘පාරි’ ය. අත්භූත කතාවක් පදනම් කරගෙන නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය එළැඹෙන මාර්තු 02 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.
අනුෂ්කා හා ඔහුගේ සොහොයුරා නිෂ්පාදනය කරන මෙම චිත්‍රපටය තිරගත කරන දිනයේදී ජැකලින් හා සූශාන්ත් රඟන ‘ඩ්‍රයිව්’ චිත්‍රපටය මෙන්ම පුල්කිට් සම්රාත් හා ක්‍රිති කාබන්ඩා රඟන ‘විරේ කී වෙඩින්ග්’ චිත්‍රපටද ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතව ඇත. සිනමා විචාරකයන් පවසන්නේ මේ නිසාම ‘පාරි’ චිත්‍රපටයට මෙවර හොඳ තරගකාරීත්වයක් ලැබි ඇති බවය.