අනුෂ්කාගේ අය කිරීමත් ඉහළට
බොලිවුඩයේ සිටින සුපිරිතම සිනමා නිළියක් වන අනුෂ්කා ෂර්මා චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වීමට තමන් ගන්නා මුදල වැඩි කොට ඇතැයි වාර්තා වේ. එයට හේතුව නම් ඇය අවසන් වරට රංගනයෙන් දායක වූ චිත්‍රපට සියල්ලම ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වීම හේතුවෙනි. ඇය ඉදිරියේදී චිත්‍රපටයක රංගනයෙන් එක්වීමට ඉන්දීය රුපියල් කෝටි 8ක මුදලක් අය කරන බව සඳහන් වේ.
කෙසේ වෙතත්, වර්තමානයේ චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වීමට ඉහළම මුදලක් අය කරන නිළිය බවට පත්ව ඇත්තේ දිපීකා පදුකෝන්ය. ඇයගේ අය කිරීම ඉන්දීය රුපියල් කෝටි 14කි. සංජය ලීලා බන්සාලිගේ ‘පද්මාවත්’ චිත්‍රපටය සදහා ඇය එවැනි මුදලක් අය කළ බව සඳහන් වේ. කංගනා රණවුත් කෝටි 12ක්, ප්‍රියංකා චොප්රා ඉන්දීය රුපියල් කෝටි 11ක්, කරීනා කපූර් ඉන්දීය රුපියල් කෝටි 9ක් චිත්‍රපට රංගනයක් සඳහා අය කරනු ලබයි.