අනුෂ්කා ෂෙට්ටිගේ පෙනුම වෙනස් වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-14-ent-166

‘බාහූබලී’ චිත්‍රපට ද්විත්වයේ ‘දේවසේනා’ ලෙස රංගනයෙන් දායක වූ අනුෂ්කා ෂෙට්ටි පිළිබඳව පසුගිය කාලයේ කතා බහ වූයේ තරමක් අඩුවෙනි. නමුත්, නැවතත් මේ දිනවල අනුෂ්කා පිළීබඳව කතාබහක් ඇතිව තිබෙන අතර, ඒ ඇයගේ පෙනුම මේ දිනවල තරමක් වෙනස් වී තිබෙන නිසාවෙනි.

පසුගිය දෙවසර තුළදී තරමක් තරබාරු වී සිටි ඇය මේ වනවිට සිය සිරුරේ හැඩය වෙනස් කරගෙන තිබෙන බව සඳහන් වේ. ඇය සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා මේ පිළිබඳව පවසා ඇත්තේ අලුත් වෙනසකට මුල පුරන්නට නුදුරේම බලාපොරොත්තුවෙන් සිටින බවය. කෙසේ වෙතත්, බොහෝ දෙනා පවසන්නේ ඇයගේ අලුත්ම චිත්‍රපටය වෙනුවෙන් මෙසේ අනුෂ්කා සිය සිරුරේ හැඩය වෙනස් කරගෙන ඇති බවය.