අනුෂ්කා ෂර්මා සිංගප්පූරු ගිහින්
දෙසැම්බර් 21 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීඹට නියමිත ආනන්ද එල්. රායිගේ ‘සීරෝ’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුද අත්හැර මේ දිනවල එහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන අනුෂ්කා ෂර්මා සිංගප්පූර්වේ සංචාරයක නිරතව සිටින බවට තොරතුරු වාර්තා වේ.
වාර්තාවන අන්දමට ඇය මෙසේ සිංගප්පූරුවට ගොස් ඇත්තේ එහි පිහිටි “මැඩම් ටුසේඩ්* කෞතුකාගාරයේ ඉටිරුවක් වෙනුවෙන් ඒයාට අවශ්‍ය කරන ඇයගේ සිරුරේ ප්‍රමාණයන් ලබාදීමටය. සිංගප්පූරවේ පිහිටි “මැඩම් ටුසේඩ්* කෞතුකාගාරයේ දැනට බොලිවුඩ් තරු කිහිපයකගේම ඉටිරුවන් තැණුන නිර්මාණ තැන්පත් කර ඇත.