අනුෂ්කා ශර්මා ගේ අලූත් සැමියා වරුන් ධාවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-25-ent-40

වරුන් ධාවන් හොද සැමියෙකු වෙනවා ඇතැයි අනුෂ්කා ශර්මා විසින් කියනු ලබද්දී සියල්ලන්ම පුදුමයට පත් වූයේ විරාත් කෝලි සහ ඇය එකිනෙකාගෙන් ඈත් වී ඇතැයි හැගීම නිසාය. එහෙත් ඇය පවසන්නේ සැබෑ ජිවිතය ගැන නොව ඇගේ ඊ ළග චිත‍්‍රපටිය ගැනය. එහි අනුෂ්කා සහ වරුන් රග පාන්නේ සිය සිහිනය සැබෑ කර ගන්නට බොහෝ වෙහෙස වෙන අඹුසැමි යුවළක ගේ චරිතය.

වරුන් ධාවන් සහ නතාෂා දලාල් අතර ඇති පේ‍්‍රම සම්බන්ධය ගැන මෙතෙක් ඔවුන් ප‍්‍රසිද්ධියේ කතා කර නැත. එහෙත් ඔවුන් දෙදෙනා මෑතකදී නිවාඩුවක් ගත කිරීම සදහා ලන්ඩනයට ගිය අතර එහිදී ගන්නා ලද ඡුායාරූප අන්තර් ජාලයට මුදා හැර තිබේ.

ඔවුන් එකිනෙකාට ඉතා හොදින් ගැලපෙන යුවලක් බැව් අනුෂ්කා ද සදහන් කර තිබිණි.

බොහෝ නළුනිළියෝ කිසිම පැකිළීමක් නැතිව සිය පෞද්ගලික ජීවිතය ගැන විවෘතව කතා කරති. එහෙත් වරුන් එහි අනෙක් පැත්තය. පෞද්ගලික දේවල් ගැන ප‍්‍රසිද්ධියේ කතා කරන්නට ඔහු කැමති නැත. තමන් දෙදෙනා නුදුරු දිනකදිම විවාහ වෙන බව ඔහු මාධ්‍යයට හෙළි කර නැත්තේ එබැවිනි.

වෘත්තියෙන් මෝස්තර නිර්මාණ ශිල්පිනියක වන නතාෂා සහ වරුන් අතර සම්බන්ධය ඇරඹී ඇත්තේ ඔහු නළුවෙකු වෙන්නටත් පෙර සිටය.